තරබාරුකම

ඔබ තරබාරු නම්, ආරක්ෂිතව බර අඩු කර ගැනීම පිළිබඳ උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මගින් බර අඩු කරගන්නා ආකාරය පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා මගින් උපදෙස් ලබාගත හැක. වෙනත් ප්‍රයෝජනවත් සේවාවන් ගැන ඔබට දන්වන්නට ඔවුන්ට හැකිය:

  • දේශීය බර අඩු කර ගැනීමේ කණ්ඩායම් - මේවා ඔබේ පළාත් පාලන ආයතනය, NHS හෝ වාණිජ සේවාවන් මගින් සැපයිය හැකිය
  • නියම කරන ලද ව්‍යායාම - සුදුසුකම් ලත් පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ සැසි ගණනාවක් සඳහා ඔබ ප්‍රාදේශීය ක්‍රියාකාරී සෞඛ්‍ය කණ්ඩායමකට යොමු කරනු ලැබේ

බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (PCOS), අධි රුධිර පීඩනය, දියවැඩියාව හෝ නින්දේදී ඇති වන ශ්වසන අපහසුතා වැනි තරබාරුකම හා සම්බන්ධ ගැටළු ඔබට තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ හෝ නියමිත ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත. සමහර අවස්ථාවලදී, ඔවුන් ඔබව විශේෂඥයෙකු වෙත යොමු කරනු ඇත.

ආහාර

සෑම කෙනෙකුටම අදාළ වන තනි රීතියක් නැත, නමුත් සතියකට කිලෝග්‍රෑම් 0.5 සිට 1 දක්වා බරින් අඩු බර අඩු කර ගැනීම සඳහා බොහෝ දෙනෙකුට දිනකට කැලරි 600 කින් ආහාර පරිභෝජනය අඩු කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ, බොහෝ පිරිමින් සඳහා දිනකට කැලරි 1,900 කට වඩා පරිභෝජනය නොකරන ලෙස සහ බොහෝ කාන්තාවන්ට දිනකට කැලරි 1,400 කට වඩා නොඉක්මව යුතු බවයි. මෙය සාක්ෂාත් කරගත හැකි හොඳම ක්‍රමය නම් සෞඛ්‍යාරක්ෂිත නොවන අධි ශක්ති ආහාර තේරීම් - ක්ෂණික ආහාර, සැකසූ ආහාර සහ සීනි බීම (මධ්‍යසාර ඇතුළුව)- භාවිතයෙන් වඩාත් සෞඛ්‍යසම්පන්න ආහාර වෙත මාරු වීමයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සමන්විත විය යුත්තේ:

ඔබේ රුධිර පීඩනය ඉහළ නැංවිය හැකි නිසා ඉහළ මට්ටමේ ලුණු අඩංගු ආහාර වලින් වැළකී සිටීමට උත්සාහ කරන්න, එය දැනටමත් තරබාරු අයට අනතුරුදායක විය හැකිය. අඩු ලුණු සහිත ආහාර වේලක් සඳහා උපයෝගී කර ගත හැකි ක්‍රම විධි පිළිබඳව කියවන්න. ඔබ ඔබේ දෛනික සීමාව ඉක්මවා නොයන බවට වග බලා ගැනීම සඳහා ඔබ පරිභෝජනය කරන සෑම ආහාර වර්ගයක් සඳහාම කැලරි ප්‍රමාණය පිලිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට අවශ්‍ය වේ. සමහර අවන්හල්, ආපනශාලා සහ ක්ෂණික ආහාර අලෙවිසැල් එක් කොටසකට කැලරි තොරතුරු සපයයි, නමුත් මෙම තොරතුරු සැපයීම අනිවාර්ය නොවේ. බර්ගර්, ෆ්‍රයිඩ් චිකන්, සහ සමහර ව්‍යංජන හෝ චීන කෑම වැනි සමහර ආහාර ඔබ අහාරයට ගැනීමේදී සීමාවන් ඉක්මවා යා හැකි බැවින් ආහාර ගැනීමේදී ප්‍රවේශම් වන්න. ආහාර වැඩසටහන් සහ fad ආහාර වේල් නිරාහාරව සිටීම (දීර්ඝ කාලයක් තිස්සේ ආහාර නොමැතිව යාම) හෝ සමස්ත ආහාර කාණ්ඩ කපා හැරීම වැනි අනාරක්ෂිත පිළිවෙත් නිර්දේශ කරන මෝඩ ආහාර එසේත් නැතිනම් fad ආහාර වේල් වලින් වළකින්න. මෙම වර්ගයේ ආහාර ක්‍රියා නොකරයි, ඔබ රෝගාතුර විය හැකි අතර ඒවා දිගු කාලීන සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඔබට උගන්වන්නේ නැති නිසා ඵලදායී නොවේ. සියලුම වාණිජ ආහාර වැඩසටහන් අනාරක්ෂිත බව මින් අදහස් නොකෙරේ. බොහෝ ඒවා හොඳ වෛද්‍ය සහ විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වී ඇති අතර සමහර පුද්ගලයින්ට හොඳින් ක්‍රියා කළ හැකිය. වගකිවයුතු ආහාර වැඩසටහනක් පහත පරිදි විය යුතු ය:

  • අහාර වේලක ප්‍රමාණය, චර්යාත්මක වෙනස්කම් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම වැනි ගැටළු පිළිබඳව ඔබව දැනුවත් කරයි
  • ඔබට ආහාරයට ගත හැකි ආහාර වර්ග ඕනෑවට වඩා සීමා නොකරයි
  • කෙටිකාලීන වේගවත් බර අඩු කර ගැනීමට වඩා ක්‍රමයෙන්, තිරසාර බර අඩු කර ගැනීම මත පදනම් විය යුතුය

ඉතා අඩු කැලරි සහිත ආහාර ඉතා අඩු කැලරි සහිත ආහාර වේලක් (VLCD) යනු ඔබ දිනකට කැලරි 800 ට වඩා අඩුවෙන් පරිභෝජනය කිරීමයි. මෙම ආහාර වේගයෙන් බර අඩු කර ගැනීමට හේතු විය හැකි නමුත් ඒවා සෑම කෙනෙකුටම සුදුසු හෝ ආරක්ෂිත ක්‍රමයක් නොවන අතර තරබාරුකම පාලනය කිරීම සඳහා ඒවා සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි. VLCDs සාමාන්‍යයෙන් නිර්දේශ කරනුයේ ඔබට තරබාරුකම හා සම්බන්ධ සංකූලතාවයක් ඇත්නම් ඒ සඳහා එය වේගවත් ලෙස බර අඩු කර ගැනීමෙන් ප්‍රයෝජනයක් ඇති නම් පමණි. VLCDs සාමාන්‍යයෙන් වරකට සති 12 කට වඩා අනුගමනය නොකළ යුතු අතර ඒවා භාවිතා කළ යුත්තේ සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ අධීක්ෂණය යටතේ පමණි. ඔබ මේ ආකාරයේ ආහාර ගැනීම ගැන සලකා බලන්නේ නම් පළමුව ඔබේ වෛද්‍යවරයාට කතා කරන්න.

ව්‍යායාම

ඔබේ ආහාර වේලෙහි ඇති කැලරි ප්‍රමාණය අඩු කිරීම බර අඩු කර ගැනීමට උපකාරී වන නමුත් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා ශක්තිය දහනය කිරීමට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට ඔබට උපකාර කිරීම මෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම මගින් පුළුල් සෞඛ්‍ය ප්‍රතිලාභද ඇත. උදාහරණයක් ලෙස, දෙවන වර්ගයේ දියවැඩියාව අවදානම 40% කින් අඩු කිරීම වැනි රෝග තත්වයන් 20 කට වඩා වැළැක්වීමට සහ පාලනය කිරීමට එය උදව් වේ. ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් නිර්දේශ කරන්නේ වැඩිහිටියන් සතියකට අවම වශයෙන් මිනිත්තු 150 ක මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුතු ක්‍රියාකාරකම් කළ යුතු බවයි - නිදසුනක් වශයෙන්, සතියකට විනාඩි 30 ක ව්‍යායාම සැසි 5 ක් වන පරිදි කල හැක. කිසිවක් නොකිරීමට වඩා යම් කිසිවක් කිරීම වඩා ප්‍රයෝජනවත් බැවින් වරකට මිනිත්තු 10 ක ව්‍යායාමයක් කිරීම ද සමහරවිට ප්‍රයෝජනවත් වේ. මධ්‍යස්ථ-තීව්‍රතා ක්‍රියාකාරකම් යනු ඔබේ හදවත සහ හුස්ම ගැනීමේ වේගය වැඩි කරන ඕනෑම ක්‍රියාකාරකමක් වේ, නිදසුන් ලෙස:

විකල්පයක් ලෙස, ඔබට සතියකට මිනිත්තු 75 ක දැඩි-තීව්‍රතා ක්‍රියාකාරකම් හෝ මධ්‍යස්ථ හා දැඩි ක්‍රියාකාරකම්වල එකතුවක් කළ හැකිය. දැඩි ක්‍රියාකාරකම් අතරතුර, හුස්ම ගැනීම ඉතා අසීරු ය, ඔබේ හදවත වේගයෙන් ස්පන්දනය වන අතර ඔබට සංවාදයක් පැවැත්වීමට නොහැකි වනු ඇත. උදාහරණ:

  • දිවීම
  • වඩාත්ම තරඟකාරී ක්‍රීඩා
  • circuit training/ සර්කිට් පුහුණු වීම්

ඔබත් ශක්ති ව්‍යායාම සහ සමබර පුහුණුව සතියේ දින 2 ක් කළ යුතුය. මෙය ජිම් එකක ව්‍යායාම කරනවා හෝ, ශොපින් බෑග් රැගෙන යාම හෝ තායි චි වැනි ක්‍රියාකාරකමක් කිරීමක් වැනි දෙයක් වුවද විය හැකිය. එමෙන්ම ඔබ වාඩි වී (උදාසීන) ලෙස කාලය ගත කරනවාට වඩා නැගිට එහා මෙහා ගමන් කිරීමද ඉතා වැදගත්ය. ඔබේ දේශීය ක්‍රීඩා මධ්‍යස්ථානයේ කාර්යමන්ඩලය, ඔබේ වෛද්‍යවරයා හෝ බර අඩු කර ගැනීමේ උපදේශකයා ඔබට ළඟා කරගත හැකි සහ අභිප්‍රේරිත අරමුණු සහිතව ඔබේ පුද්ගලික අවශ්‍යතා හා තත්වයන්ට ගැලපෙන සැලැස්මක් නිර්මාණය කිරීමට ඔබට උදව් කළ හැකිය. සුළුවෙන් ආරම්භ කර ක්‍රමයෙන් ගොඩනඟන්න. ඔබට විනෝදයක් ගෙන දෙන සහ දිගටම කරගෙන යාමට පෙළඹ වෙන ක්‍රියාකාරකම් සොයා ගැනීම ද වැදගත් ය. සමාජශීලී අංගයක් සහිත ක්‍රියාකාරකම් වල යෙදීම හෝ මිතුරන් හෝ පවුලේ අය සමඟ ව්‍යායාම කිරීම ඔබව දිරිගැන්වීමට ගැනීමට උපකාරී විය හැකිය. අද ආරම්භයක් කරන්න - ඔබ කිසි විටෙකත් ප්‍රමාද නැත. තරබාරුකම වැළැක්වීම සඳහා හෝ ඔබ තරබාරු නම් බර නැවත ලබා ගැනීම වළක්වා ගැනීම සඳහා ඔබට සෑම දිනකම වැඩි කාලයක් ව්‍යායාම කිරීමට සිදු විය හැකිය. තරබාරුකම වැළැක්වීම සඳහා දිනකට මිනිත්තු 45-60 අතර මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් ක්‍රියාකාරකම් නිර්දේශ කෙරේ. තරබාරු වීමෙන් පසු බර නැවත වැඩිවීම වළක්වා ගැනීම සඳහා, ඔබ දිනකට මිනිත්තු 60-90 ක ක්‍රියාකාරකම් කළ යුතුය. ඔබගේ වර්ථමාන ශාරීරික යෝග්‍යතාවය සහ ඔබගේ පෞද්ගලික තත්වය සැලකිල්ලට ගනිමින් ඔබ කුමන වර්ගයේ ව්‍යායාම කොතරම් කාලයක් කල යුතුදැයි යන්න පිලිබඳව ඔබගේ වෛද්‍යවරයාගෙන් හෝ ශරීර බර අඩු කර ගැනීමට උපදෙස් ලබා දෙන උපදේශකයාගෙන් වැඩිදුර උපදෙස් ලබා ගත හැක.

වෙනත් ප්‍රයෝජනවත් උපාය මාර්ග

ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් සමඟ බර අඩු කර ගැනීම වෙනත් උපාය මාර්ග සමඟ සම්බන්ධ වුවහොත් එය වඩාත් සාර්ථක විය හැකි බවට සාක්ෂි තහවුරු වී ඇත. මෙයට පහත දෑ ඇතුළත් විය හැකිය:

  • යථාර්ථවාදී බර අඩු කර ගැනීමේ ඉලක්ක තැබීම - ඔබ තරබාරු නම්, ඔබේ මුල් ශරීර බරෙන් 3% ක් පමණක් අහිමි වීම තරබාරුකම හා සම්බන්ධ සංකූලතා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරයි
  • වඩා සෙමින් ආහාර ගැනීම සහ ඔබ කන්නේ කුමක් සහ කුමන වේලාවේද යන්න ගැන සැලකිලිමත් වීම - නිදසුනක් ලෙස, රූපවාහිනිය නැරඹීමෙන් අවධානය වෙනතකට යොමු නොවීම
  • ඔබ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹවිය හැකි බව ඔබ දන්නා අවස්ථා වලින් වැලකීම
  • ඔබේ බර අඩු කර ගැනීමේ උත්සාහයන් සමඟ ඔබේ පවුලේ අය සහ මිතුරන් සම්බන්ධ කර ගැනීම - ඔවුන් ඔබව පෙළඹවීමට උපකාරී වේ
  • ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම - නිදසුනක් වශයෙන්, ඔබ නිතරම බර කිරා දිනපොතක ඔබේ බර සටහන් කරන්න

පුහුණුව ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් මනෝ විද්‍යාත්මක සහාය ලබා ගැනීම ආහාර සහ ආහාර ගැනීම ගැන ඔබ සිතන ආකාරය වෙනස් කිරීමටද උපකාරී වේ. සංජානන චර්යා චිකිත්සාව (CBT) වැනි ශිල්පීය ක්‍රම ප්‍රයෝජනවත් විය හැකිය. බර නැවත වැඩි කර ගැනීමෙන් වළකින්න ඔබ බර අඩු කර ගන්නා විට ඔබේ ශරීරයට අඩු ආහාර ප්‍රමාණයක් (කැලරි) අවශ්‍ය බව මතක තබා ගැනීම වැදගත්ය, එබැවින් මාස කිහිපයකට පසු ඔබ දිගටම ආහාර වේලක් අනුගමනය කළත්, බර අඩු වීම මන්දගාමී වන අතර බර අඩු වන මට්ටම අඩු වේ,. ඔබ බර අඩු වූ පසු ඔබේ පෙර කැලරි ප්‍රමාණය භාවිතය වෙත නැවත ගියහොත්, බොහෝ විට ඔබගේ බර නැවත වැඩි වනු ඇත. දිනකට මිනිත්තු 60 ක් දක්වා ශාරීරික ක්‍රියාකාරකම් කරනා කාලය වැඩි කිරීම සහ ඔබ අහාරයට ගන්නා දේ පිලිබඳව දිගටම සැලකිලිමත් වේ නම් එය බර අඩු කර ගැනීමට උපකාරී වේ.

ඖෂධ

සායනික අත්හදා බැලීම් හි තරබාරුකමට එරෙහි විවිධ වර්ගයේ ඖෂධ අත්හදා බලා ඇත, නමුත් ආරක්ෂිත හා ඵලදායී බව ඔප්පු කර ඇති එකම ඖෂධය ඕර්ලිස්ටැට් පමණි. ඔබට ඕර්ලිස්ටැට් භාවිතා කළ හැක්කේ එය ඔබට සුදුසු ඖෂධයක් යැයි වෛද්‍යවරයකු හෝ ඖෂධවේදියෙකු නිර්දේශ කරන්නේ නම් පමණි. බොහෝ අවස්ථාවන්හීදී, ඕර්ලිස්ටැට් ලබා ගත හැක්කේ නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවකට පමණි. ඖෂධවේදියෙකුගේ අධීක්ෂණය යටතේ ෆාමසි එකකින් කෙලින්ම ලබා ගත හැකි එකම නිශ්පාදනය "Alli" පමණි. ඕර්ලිස්ටැට් ක්‍රියා කරන්නේ ඔබ අනුභව කරන ආහාර වලින් මේදයෙන් තුනෙන් එකක් පමණ අවශෝෂණය වීම වළක්වාලීමෙනි. ජීර්ණය නොවූ මේදය ඔබේ ශරීරයට අවශෝෂණය නොවන අතර එය ඔබේ මළ පහ සමඟ පිටවෙයි. මෙය ඔබට බර වැඩිවීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇත, නමුත් මෙමගින් ඔබගේ බර අඩු නොකරයි. ඕර්ලිස්ටැට් සමඟ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර සමබර ආහාර වේලක් සහ ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කළ යුතු අතර, ප්‍රතිකාර අතරතුරදී සහ ඕර්ලිස්ටැට් ගැනීම නැවැත්වීමෙන් පසුවද ඔබ මෙම වැඩසටහන දිගටම කරගෙන යා යුතුය. ඕර්ලිස්ටැට් (orlistat) භාවිතා කළයුතු අවස්ථා ඕර්ලිස්ටැට් සාමාන්‍යයෙන් නිර්දේශ කරනුයේ ඔබ ආහාර ගැනීම, ව්‍යායාම කිරීම හෝ ඔබේ ජීවන රටාව වෙනස් කිරීම තුළින් බර අඩු කර ගැනීමට සැලකිය යුතු උත්සාහයක් ගත්තේ නම් පමණි. එසේ වුවද, ඕර්ලිස්ටැට් (Orlistat) නියම කරනුයේ ඔබට:

  • ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 28 හෝ ඊට වැඩි, සහ අධි රුධිර පීඩනය හෝ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි බර ආශ්‍රිත තත්වයන් ඇත්නම්
  • BMI අගය 30 හෝ ඊට වැඩි නම්

ඕර්ලිස්ටැට් (orlistat) නියම කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා ඔබ සමඟ ඇති විය හැකි අතුරු ආබාධ ඇතුළු ප්‍රතිලාභ සහ සීමාවන් පිළිබඳව සාකච්ඡා කරනු ඇත. ඕර්ලිස්ටැට් (orlistat) සමඟ ප්රතිකාර කිරීමේ දී සමබර අඩු මේද ආහාර භාවිතය හා වැඩි ව්‍යායාම කිරීම වැනි බර අඩු කර ගැනීමේ උපාය මාර්ග සමඟ ඒකාබද්ධව කළ යුතුය. ප්‍රධාන ආහාර වේල් 3 හි ඇතුළත්, ආහාර පෝෂ්‍යදායී ලෙස සමතුලිත වීම වැදගත්ය. ඔබට ඕර්ලිස්ටැට් (orlistat)නියම කර ඇත්නම්, ඔබට ආහාර, ව්‍යායාම සහ ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම පිළිබඳ උපදෙස් සහ සහාය ලබා දෙනු ඇත. සාමාන්‍යයෙන් ගර්භනී හෝ මව්කිරි දෙන කාන්තාවන් සඳහා ඔර්ලිස්ටැට් (orlistat)නිර්දේශ නොකරයි. මාත්‍රාව සහ ප්‍රතිකාර කාලය එක් ප්‍රධාන ආහාර වේලකට පෙර, අතරතුර හෝ පැයකට පසුව (දිනකට උපරිම කැප්සියුල 3 ක් දක්වා) ඕර්ලිස්ටැට් (orlistat) කැප්සියුලයක් වහාම ජලය සමග ගනු ලැබේ. ඔබට ආහාර වේලක් මග හැරී ඇත්නම් හෝ ආහාර වේලෙහි මේදය අඩංගු නොවේ නම්, ඔබ ඕර්ලිස්ටැට් කැප්සියුලය නොගත යුතුය. ඔබේ වෛද්‍යවරයා ඔබට මෙය පැහැදිලි කළ යුතුය, නැතහොත් ඔබේ ඖෂධය සමඟ එන රෝගියාගේ තොරතුරු පත්‍රිකාව පරීක්ෂා කළ හැකිය. ඔබේ ශරීර බරෙන් 5% ක් අඩු වී ඇත්නම් පමණක් ඕර්ලිස්ටැට් සමඟ ප්‍රතිකාර කිරීම මාස 3 ක් ඉක්මවා යා යුතුය. එය සාමාන්‍යයෙන් ඔබ දින 1 සිට 2 දක්වා මේදය ජීර්ණය කරන ආකාරය කෙරෙහි බලපායි. මාස 3 ක් තිස්සේ ඕර්ලිස්ටැට් ගැනීමෙන් පසු ඔබ බර අඩු කර නොගත්තේ නම්, එය ඔබට ඵලදායී ප්‍රතිකාරයක් වනු ඇතැයි සිතිය නොහැක. ඔබේ ප්‍රතිකාරය නැවැත්වීමට අවශ්‍ය විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියෙකුගෙන් විමසන්න. වෙනත් සෞඛ්‍ය තත්වයන් සමඟ ඕර්ලිස්ටැට් ගැනීම ඔබ බෙහෙත් ගන්නා දෙවන වර්ගයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වකුගඩු රෝග වැනි ඔබ දැනටමත් ඖෂධ ගන්නා තවත් බරපතල සෞඛ්‍ය තත්වයක් ඇත්නම් ඕර්ලිස්ටැට් සමඟ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න. සමහර විට ඔබේ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ නම්, ඕර්ලිස්ටැට් භාවිතයෙන් බර අඩු කර ගැනීමට ඔබට වැඩි කාලයක් ගතවනු ඇත, එබැවින් මාස 3 කට පසු ඔබේ ඉලක්කගත බර අඩු වීම තරමක් අඩු විය හැකිය. ඔබ මාස 3 ක් තිස්සේ ඕර්ලිස්ටැට් භාවිතා කිරීමෙන් පසු ඔබට සමාලෝචනයක් ලැබෙනු ඇත. ඔබ බර අඩු වී ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා විසින් මාස 12 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඕර්ලිස්ටැට් දිගටම භාවිතා කිරීමට යෝජනා කළ හැකිය. ඔවුන් ඔබ සමඟ ප්‍රතිලාභ, සීමාවන් සහ අතුරු ආබාධ පිළිබඳව සාකච්ඡා කරනු ඇත. අතුරු ආබාධ ඕර්ලිස්ටැට් හි පොදු අතුරු ආබාධ අතර:

ඔබ අඩු මේද සහිත ආහාර සඳහා පුරුදුවී සිටියහොත් මෙම අතුරු ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය. මුඛ උපත් පාලන පෙති ගන්නා කාන්තාවන් ඕර්ල්ස්ටැට් ගන්නා අතරතුර දරුණු හිසරදයක් හෝ පාචනය තත්වයකට මුහුණ දෙන්නේ නම් කොන්ඩම් වැනි අමතර උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතුය. මෙයට හේතුව ඔබට පාචනය තිබේ නම් උපත් පාලන පෙති ඔබේ ශරීරයට අවශෝෂණය නොවන බැවින් එය ඵලදායී නොවන නිසාය.

සැත්කම්

සිරුරේ බර අඩු කිරීමට සැත්කම් නැතිනම් bariatric සැත්කම් සමහර විට විශාල ලෙස තරබාරු අයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලැබේ. බැරියැට්‍රික් (bariatric) සැත්කම් සඳහා සාමාන්‍යයෙන් යොමු විය හැක්කේ පහත සඳහන් සියලු නිර්ණායක සපුරාලන දැඩි තරබාරුකමට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස පමණි:

  • bMI අගය 40 ක් හෝ ඊට වැඩි හෝ 35 ත් 40 ත් අතර වන සහ බර අඩු කර ගැනීමෙන් සුව කළ හැකි, දෙවන වර්ගයේ දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය වැනි තවත් බරපතල සෞඛ්‍ය තත්වයක් ඇත්නම්
  • සුදුසු ශල්‍ය නොවන සියලු ක්‍රියාමාර්ග අත්හදා බලා ඇති නමුත් පුද්ගලයා ප්‍රමාණවත්, සායනිකව වාසිදායක බර අඩු කර ගැනීමක් හෝ පවත්වා ගැනීමට සමත්ව නැතිනම්
  • නිර්වින්දනය සහ සැත්කම් කිරීමට පුද්ගලයා සුදුසුය
  • පුද්ගලයාට ඔහුගේ ප්‍රතිකාරයේ කොටසක් ලෙස දැඩි කළමනාකරණයක් ලැබෙමින් පවතී, නැතහොත් ලැබෙනු ඇත
  • පුද්ගලයා දිගුකාලීන පසු විපරමක අවශ්‍යතාවය ඉටු කරයි

මෑතකදී (පසුගිය අවුරුදු 10 තුළ) දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන BMI 30 ත් 35 ත් අතර පුද්ගලයින්ට කළ හැකි ප්‍රතිකාර විකල්පයක් ලෙස ද බැරියැට්‍රික් සැත්කම් සැලකිය හැකිය. පුද්ගලයෙකුගේ BMI අගය 50 හෝ ඊට වැඩි නම්, දුර්ලභ අවස්ථාවන්හිදී, පළමු ප්‍රතිකාරය ලෙස (ජීවන රටා ප්‍රතිකාර හා ඖෂධ වෙනුවට) සැත්කම් නිර්දේශ කළ හැකිය. ළමුන් ගේ තරබාරුකමට ප්‍රතිකාර කිරීම ළමුන් තුළ තරබාරුකමට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් ආහාර වෙනස් කිරීම, චර්යා වෙනස් කිරීමේ උපාය මාර්ග භාවිතය සහ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම මගින් සිදු කරයි. ඔබේ දරුවා දිනකට අනුභව කළ යුතු කැලරි ප්‍රමාණය ඔවුන්ගේ වයස සහ උස මත රඳා පවතී. නිර්දේශිත දෛනික සීමාවක් පිළිබඳව ඔබට උපදෙස් දීමට ඔබේ වෛද්‍යවරයාට හැකි විය යුතු අතර, ඔබේ දේශීය පවුල් සෞඛ්‍ය සම්පන්න ජීවන රටා වැඩසටහනට ඔවුන් ඔබව යොමු කිරීමටද හැකිය. වයස අවුරුදු 5 ට වැඩි ළමයින්ට දිනකට අවම වශයෙන් මිනිත්තු 60 ක් පාපන්දු, ධාවනය හෝ නෙට්බෝල් ක්‍රීඩා කිරීම වැනි දැඩි තීව්‍රතාවයකින් යුත් ව්‍යායාමයක් ලබා ගත යුතුය. රූපවාහිනිය නැරඹීම සහ පරිගණක ක්‍රීඩා කිරීම වැනි උදාසීන ක්‍රියාකාරකම් සීමා කළ යුතුය. ළමුන් සහ යෞවනයන් සඳහා ශාරීරික ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර කියවන්න. ඔබේ දරුවා තරබාරුකම හා සම්බන්ධ සංකූලතාවයක් ඇති වුවහොත් හෝ තරබාරුකමට හේතු වන මූලික වෛද්‍ය තත්වයක් ඇතැයි සැක කරයි නම් ළමා තරබාරුකමට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥයකු වෙත යොමු කිරීම නිර්දේශ කළ හැකිය. ළමුන් සඳහා ඕර්ලිස්ටැට් භාවිතය නිර්දේශ කරනුයේ දරුවෙකු දැඩි ලෙස තරබාරු නම් සහ තරබාරුකම හා සම්බන්ධ සංකූලතාවයක් වැනි සුවිශේෂී අවස්ථාවන්හිදී පමණි. සාමාන්‍යයෙන් ළමුන් සඳහා බැරියැට්‍රික් සැත්කම් නිර්දේශ නොකරයි, නමුත් සුවිශේෂී අවස්ථාවන්හිදී යෞවනයන් සඳහා, ඔවුන් කායිකව පරිණතභාවයට පත්වී හෝ ළඟා වී තිබේ නම් සලකා බැලිය හැකි ය.